Friday, May 17, 2024

General line - 0115112241

මහ ඇමති රැකගන්න ඇමතිකම දෙන්න හදන ඇමතිනිය

දිනසේන රතුගමගේ




උතුරු පළාත් සභා අමාත්‍යධූර සම්බන්ධයෙන් හටගෙන ඇති ගැටළුව හේතුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් ඉල්ලීමක් කළහොත් තමන් දරන උතුරු පළාත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව ආනන්දි සෂිදරන් පවසනවා.

උතුරු පළාත් සභාවේ අමාත්‍යධූර සංඛ්‍යාව පිළිබදව පැන නැගී ඇති ගැටළුව සම්බන්ධයෙන් මාධළුවේදීන් අමාත්‍යවරියගෙන් කරුණු විමසූ අවස්ථාවේදී අමාත්‍යවරිය එසේ කියා සිටියා.

ඇය පැවසූවේ ප්‍රධාන අමාත්‍යවරයාගේ තීරණයක් අභියෝගයට ලක් කරමින් උතුරු පළාත් හිටපු අමාත්‍ය පි. ඩෙනිශ්වරන් අභියාචනාධිකරණයේ ගොනුකළ නඩුවක් මඟින් ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියා අත්හිටුවා ඇති අවස්ථාවක පළාත් සභාවේ අමාත්‍යධූර සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇති බවයි. පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යධූර පහක් පැවතිය යුතු අතර, අභියාචනාධිකරණ තීරණය හමුවේ හිටපු අමාත්‍ය ‍ඩෙනිශ්වරන්ගේ අමාත්‍යධූරය සම්බන්ධයෙන් ගැටළුවක් මතුව තිබිම හමුවේ පළාතේ අමාත්‍යධූර සංඛ්‍යාව වැඩි වි ඇති බවයි.

අදාල ගැටළුව හමුවේ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අපහසුතාවයට පත්ව ඇති අතර, පළාත් සභාවේ අමාත්‍යධූර සංඛ්‍යාව අඩු කිරීමට ප්‍රධාන අමාත්‍යවරයා තීරණය කරමින් තමන්ට ඉල්ලා අස්වන ලෙසට ඉල්ලීම් කළහොත් තමන් දරන අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට කැමති බවද ආනන්දී සෂිදරන්  පවසනවා.

පළාත් සභාවේ අමාත්‍යවරුන් වෙත එල්ල වු චෝදනා හමුවේ පළාත් සභාවේ හිටපු ධීවර අමාත්‍ය පි. ඩෙනිශ්වරන්, සෞඛ්‍ය අමාත්‍ය පි.සත්‍යලිංගම් ඇතුළු පිරිසක් අමාත්‍යධූර ඉවත් කිරීමට ප්‍රධාන අමාත්‍යවරයා පසුගිය සමයේ කටයුතු කළ අතර, අදාළ අමාත්‍යධූරයන් ඉවත් කිරීමට එරෙහිව පි. ඩෙනිශ්වරන් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය ප්‍රධාන අමාත්‍යවරයාගේ තීරණය අත්හිටුවීමට නියෝග කරනු ලැබ තිබෙනවා.