Thursday, May 16, 2024

General line - 0115112241

තරුණ හිමිනමක් නිවසක වහලයේ එල්ලී මිය යයි (PHOTOS)

කුෂාන් ජයවර්ධන




මිය ගිය තරුණ හිමිනමකගේ දේහයක් ඉපලෝගම හිරිපිටියාගම ප‍්‍රදේශයේ නිවසක වහළයේ එල්ලෙමින් තිබියදී ඉපලෝගම පොලිසියේ නිලධාරීන් විසින් අද (16) සොයා ගෙන තිබෙනවා.

මිය ගොස් ඇත්තේ මරදන්කඩවල තෝරුවැව ප‍්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩ සිටි හිමිනමක බව පොලිසිය සදහන් කර සිටිනවා. අපවත්ව සිටි හිමිනම කුඩා කල එම නිවසේ වාසය කර ඇති බවත් ඊයෙ (15) දිනයේ දී එම හිමිනම අදාළ නිවසට පැමිණ ඇති බවත් සිදුකළ විමර්ශණවලදී අණාවරණයව තිබෙනවා. 

අදාළ හිමිනම මහනුවර මතුරට ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර 27 හැවිරිදි වියේ පසුව තිබෙනවා. ගිහි කාලයේ යුධ හමුදා සේවයේ නිරතව සිටි ඇති එම හිමිනම වෛද්‍ය හේතූන් මත පසුව සේවයෙන් විශ‍්‍රාම ගෙන ඇති බව ද පොලිසිය කියයි.

හිමි නමගේ එම මරණය සම්බන්ධයෙන් වූ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ කැකිරාව දිසා මහේස්ත‍්‍රාත් විසින් පැවැත්වූ අතර එහිදී මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට ලබා දී තිබූ නියෝගයක් අනුව එම දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා අනුරාධපුර මහරෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට ඉපලෝගම පොලිසිය කටයුතු කර තිබෙනවා.
 
හිමිනමගේ මරණය සිය දිවි නසා ගැනීමක් ද නැතහොත් ඝාතනයක්ද යන්න සොයා බැලීමට වැඩිදුර ඉපලෝගම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ෂණ  සිදුකරන අතර යුධ හමුදා පොලිසියද සිද්දිය සම්බන්දයෙන් වෙනම විමර්ශණයක් සිදුකරමින් සිටින බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කර සිටියේ.