Thursday, May 16, 2024

General line - 0115112241

ප්‍රවාහන ඇමතිගෙන් දැඩි තීන්දුවක්

සජිත් තිලකරත්න




නව දඩ පති‍්‍රකාව කිසිසේත් හකුලා නොගන්නා බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. පෞද්ගලික බස් සේවකයින් පිරිසක් අද (16) කි‍්‍රයාත්මක කළ වර්ජනය සම්බන්ධයෙන් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

දඩ පත්‍රිකාව අකුලා ගන්න කියලා බල කරන්නේ බස් හිමියන් නෙමෙයි බස් වල සේවය කරන අයයි. අපිට හැකියාවක් නැහැ එහෙම දෙයක් කරන්න. ඔවුන් උත්සහ කරන්නේ වැරදි කරලා ඒ වැරදි වලින් බෙරෙන්න. ගමනා ගමන කේෂත්‍රයේ විනයක් තියෙන්න ඕනේ. ඒ වගේමයි මේ නීති පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතක්. එහෙම සම්මත වුනු පනතක් නිශේධනය කරන්න කියලා පාර්ලිමේන්තුවට නව පනතක් ඉදිරිපත් කරන්න රජය කිසි සේත් සුදානම් නැති බව මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා.

අද කි‍්‍රයාත්මක වූ පෞද්ගලික බස් සේවක වර්ජනය අසාර්ථක බවද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එහිදී කියා සිටියා.