Thursday, May 16, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ අර්බුධයක් ගැන ඇමතිවරයෙකුගෙන් හෙළිදරව්වක්

දිල්ශාන් තුෂාර




මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදවල ප‍්‍රතිපලයක් ලෙස ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ තනතුරු ලබා ගැනීමේ උත්සහයක නිරත වන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (16) පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් නම් ඔවුන් උත්සහ කරන්න ඕනේ ජනාධිපති තනතුරු හෝ අගමැති තනතුර ලබා ගන්න. නමුත් ඔවුන් අද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම හරි දෙන්න කියන නීතියට විරුද්ධ සටන් පාඨයට බැහැලා තියෙනවා . එකෙන්ම පේනවා ඒකාබද්ධ විපක්ෂයේ තිබෙන දේශපාලන ගැම්ම් අඩුවෙලා තිබෙනවා කියලා. පාර්ලිමේන්තුවේ තනතුරු වලට පොර කන්නේ ඊලග ජනාධිපති අපේක්ෂකයා වීමට ඒකාබද්ධ විපක්ෂයේ තිබෙන අභ්‍යන්තර ගැටලුවක් නිසාවෙන් බව මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

අලූතින් පිහිටවූ ති‍්‍රපුද්ගල මහාධිකරණයේ වැඩකටයුතු එළඹෙන 24වනදා ආරම්භ කෙරෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.