Friday, May 17, 2024

General line - 0115112241

බන්ධනාගාරයේ පිරිසකට හදිසි ස්ථානමාරු

නිශාන් ද සිල්වා




වැලිකඩ සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයන්හි සේවය කළ 16 දෙනකුට හදිසි ස්ථානමාරු ලබාදී තිබෙනවා. යම් යම් වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පිරිසක් මේ අතර වනවා. 

මෙසේ ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ සහකාර බන්ධනාගාර අධිකාරී, ප්‍රධාන ජේලර්, ජේලර් සහ බන්ධනාගාර නියාමකයින් පිරිසකටය.

මෙම ස්ථානමාරුවීම්  අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නිර්දේශමත සිදුව ඇති බවයි බන්ධනාගාර ආරංචි පවසන්නේ.