Saturday, May 11, 2024

General line - 0115112241

විපක්ෂ නායක සටන බල අරගලයක් නොව අයිතිය ඉල්ලීමකි - වෙල්ගම

සජිත් තිලකරත්න




පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධූරය ලබා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය  දිගින් දිගමට සටන් කරන්නේ අයිතිය තහවුරු කර ගැනීමට මිස බලඅරගලයක් නිසා නොවන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර කුමාර වෙල්ගම පවසනවා. ඔහු ඒ බව පැවසුවේ විපක්ෂ නායකධූරය ලබා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය මෙලෙස සටන් කරන්නේ ඔවුන්ගේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ඇතිවී තිබෙන බල අරගලයේ ප‍්‍රතිපලයක් ලෙස බවට එක්සත් ජාතික පක්ෂය ඊයේ කළ චෝදනාවකට ප‍්‍රතිචාර දක්වමින්. මීළඟ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා බල අරගලයක්ද ඒකාබද්ධ විපක්ෂයේ නොමැති බවත් ඔහු අවධාරණය කළා.

විපක්ෂ නායකධූරය ලබා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන විය යුතු බවටද යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ පිළිබඳ කරුණු සලකා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර තිබෙන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. එම කමිටුවේ නිර්දේශවලට අනුව ඉදිරි තීරණ ගනු ඇතැයිද කුමාර වෙල්ගම මන්ති‍්‍රවරයා මෙහිදී කියා සිටියා. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපතිවරණයක් සඳහා තරග කිරීමට ව්‍යවස්ථාමය බාධාවක් නොපවතින්නේදැයිද නෙත් නිවුස් මෙහිදී ප‍්‍රශ්ණ කළා.