Sunday, May 12, 2024

General line - 0115112241

වැස්ස නිසා වාසි

සජිත් තිලකරත්න




දින කිහිපයක් තිස්සේ මධ්‍යම කඳුකරයට ඇදහැලෙන වැසි හේතුවෙන් විදුලි බලාගාර ආශි‍්‍රත ජලාශවල ජල මට්ටම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. වැසි ආරම්භ වීමට පෙර මෙම ජලශවල ජල මට්ටම පැවතියේ ධාරිතාවයෙන් සියයට 71 ක පමණ ප‍්‍රමාණයකයි. මේ වනවිට සියයට 81 යි දශම 6 ක් පමණ දක්වා එය ඉහළ ගොස් තිබෙනවා. 

මේ අනුව දෛනික විදුලි අවශ්‍යතාවයෙන් සියයට 50කටත් වැඩි ප‍්‍රමාණයක්  ජල විදුලියෙන් උපදවා ගැනීමට හැකිවී ඇති බවයි විදුලි බල හා පුණර්ජනණිය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන පවසන්නේ.

දෛනික විදුලි අවශ්‍යතාවයෙන් වැඩි ප‍්‍රමාණයක්  ජල විදුලියෙන් උපදවා ගැනීමට හැකිවීමෙන් විදුලි පිරිවැය අඩුවන බවද මෙහිදී සිහිපත් කෙරුණා.