Sunday, May 12, 2024

General line - 0115112241

අද රට හරහා තද සුළං




රට හරහා අද වරින් වර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන්ම මධ්‍යම, වයඹ, උතුරු මැද, උතුර, නැගෙනහිර සහ බස්නාහිර යන පළාත්වලත්, හම්බන්තොට දිස්ති‍්‍රක්කයේත් මෙලෙස තද සුළං ඇතිවිය හැකියි. සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 60ක් පමණ විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

රටවටා බොහෝ මුහුදු ප‍්‍රදේශවලද අද තද සුළං ඇතිවිය හැකියි. ඇතැම්විට සුළඟේ  වේගය පැයට කිලෝ මීටර් 70ක් පමණ දක්වාද වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. බොහෝ මුහුදු ප‍්‍රදේශ ඉතා රළු වීමටද ඉඩ තිබෙනවා. ධීවර සහ නාවික ප‍්‍රජාව මේ පිළිබඳ විමසිල්ලෙන් සිටිය යුතුයි.