Thursday, May 16, 2024

General line - 0115112241

උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඇති ඉඩම් අක්කර 522ක් නිදහස් කිරීමට සූදානම්

දිල්ශාන් තුෂාර




උතුරේ සහ නැගෙනහිර තවත් ඉඩම් අක්කර 522ක් අයිතිකරුවන් සඳහා නිදහස් කිරීමට හඳුනාගෙන ඇතැයි යුද හමුදාව පවසනවා. කෙසේවෙතත් ඊට පෙර එම ඉඩම්වල දැනට පිහිටුවා තිබෙන හමුදා කඳවුරු ආසන්න ස්ථානයන්හි රජයේ ඉඩම්වල පිහිටුවිය යුතු බවයි යුද හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායක පෙන්වා දුන්නේ.

ඒ සඳහා රජයෙන් මුදල් ඉල්ලා ඇතැයිද, මුදල් ලැබී මාස කිහිපයක් ඇතුළත අදාළ ඉඩම් නිදහස් කළ හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මෙම හමුදා කඳවුරු මෙලෙස ආසන්න වෙනත් ස්ථානවල පිහිටුවීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවන බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.