Sunday, May 12, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් න්‍යෂ්ඨික අපද්‍රව්‍යත් ගසා ඒදැයි පරිසරවේදීන් සැක පලකරයි

සජිත් තිලකරත්න




ඉන්දියාවේ සිට ගසාගෙනැවිත් ශී‍්‍ර ලංකාවේ වෙරළට ගොඩගසන අපද්‍රව්‍ය නිසා ශී‍්‍ර ලංකාවේ මත්ස්‍ය සම්පතට හානි සිදුවිය හැකි බව පරිසරවේදීන් පෙන්වා දෙනවා. 

ඉකුත් දා ඉන්දියාවේ කේරළ ප‍්‍රදේශයේ සිට ගසා ගෙන ආ සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලම වෙරළ තීරයට ගොඩ ගසා තිබුණා. ඉන්දියාවෙන් මෙන්ම කලාපීය තවත් රටවල් කිහිපයකින්ද ගසා ගෙන ආ අපද්‍රව්‍ය ශී‍්‍ර ලංකාවේ උතුරු, නැගෙනහිර, බටහිර සහ වයඹ වෙරළ තීරයන්ට ගොඩගසා ඇතැයි පසුව වැඩිදුරටත් වාර්තා වුණා.

මාළුන්ගේ ප්‍රජනන සමය වන මේ කාලයේ මෙමගින් බිත්තර විනාශවීම් මෙන්ම මත්ස්‍ය ප්‍රජාවට හානි සිදුවිය හැකි බව පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් පවසනවා. ඉන්දියාවේ න්‍යෂ්ඨික අපද්‍රව්‍යද මෙලෙස ශී‍්‍ර ලංකාවට පැමිණීමේ අවධානමක් ඇතැයිද, එසේ වුවහොත් මත්ස්‍ය සම්පතට මෙන්ම ජන ජිවිතවලටද බලපෑම් ඇතිවිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
 
මෙම කරුණු සැලකිල්ලට ගෙන විදේශියන්හි අපද්‍රව්‍ය ශී‍්‍ර ලංකාවට ගොඩගැසීම වළක්වාලීම සඳහා රාජ්‍ය තාන්ත‍්‍රිකව වහා පියවර ගත යුතු බවද පරිසරවේදීන් පෙන්වා දුන්නා.