Saturday, May 11, 2024

General line - 0115112241

විභාග රාජකාරියේ නිරත ගුරුවරුන්ගේ දීමනාව ඉහළට




විභාග රාජකාරිවල නිරත ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ දීමනා ඉහල දැමීමට පියවර ගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සදහන් කර සිටිනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉකුත් දා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

නිවාඩු කාලවලදී ගුරුවරුන්ගේ වැටුප් නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා පියවර ගැනීමට සූදානම් වන බව දක්වමින් සමාජ ජාල මාධ්‍යවල සහ වෙබ් අඩවි කිහිපයක පල වී තිබූ අසත්‍ය පුවත පිළිබද නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියා.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දරුවන් වෙනුවෙන් දහසක් කැපකිරීම් සිදුකරන ගුරුවරුන්ගේ පහසුකම් හා වරප්‍රසාද ඉහළ නැංවීමට මිස පහළ දැමීමට  කිසිවටකත් තමන් කටයුතු නොකරන බවයි. වත්මන් රජය විසින් ගුරුවරුන් ඇතුළු රජයේ සේවකයින්ගේ වැටුප රු.10,000 කින් ඉහල දැමීමට පියවර ගත් බවත්  විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන දීමනාව රු.750 සිට 6,500 දක්වා ඉහල නැංවීමට පියවර ගත් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම මහතා අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති දැවැන්ත ව්‍යාපෘතින් මෙන්ම ඒ හරහා අත්වන ප්‍රගතිය පිළිබඳ ද්වේශ සහගතව දකින කණ්ඩායම් පටු මඩ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් තමා සහ අමාත්‍යාංශය අපහසුතාවට පත්කිරීම සඳහා මෙවැනි දේවල් සිදුකරන බව අමාත්‍යවරයා කියා සිටියා.