Sunday, May 12, 2024

General line - 0115112241

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරියගේ විදෙස් සංචාරය අවලංගු කරයි




සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක සිය නිල විදෙස් සංචාරය අවලංගු කර තිබෙනවා. ඇයගේ පෞද්ගලික හේතුවක් මත එම සංචාරය අවලංගු කර ඇති බවයි සබරගමුව පළාත් සභාව පවසන්නේ.

ලබන 20 වනදා සිට දින 07 ක කාලයක් ඉතාලියේ නිල සංචාරයකට ඒකවීමටයි ඇය මුලින් සැලසුම් කර තිබුණේ. ඒ වෙනුවෙන් සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ වැඩ බැලීම සදහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ ද පත්කර තිබුණා.