Sunday, May 12, 2024

General line - 0115112241

කැළණි ගඟේ ජල මට්ටම ඉහළට : ජනතාව අවධානයෙන් සිටින්න

තරංග රුක්ෂාන් ජයසේකර/රංජිත් රාජපක්‍ෂ




පවතින වැසි සහිත කාලගුණයත් සමග කැළණි ගඟේ ජල මට්ටම ඉහළයාමේ අවදානමක් පවතිනවා. මේ හේතුවෙන් කැළණි ගඟ භාවිත කරන ජනතාව වැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ.

දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, වයඹ, උතුරුමැද, නැගෙනහිර, දකුණ, සබරගමුව සහ බස්නාහිර යන පළාත්වලට විටින් විට තද සුළං ඇති විය හැකි බවයි ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර නායයෑමේ අවදානමක් හේතුවෙන් හැටන් - කොළඹ ප‍්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. නායයෑම සකී‍්‍රය වී ඇත්තේ හැටන්, ස්ටැඩන් වත්ත ප‍්‍රදේශයෙන්. මාර්ගයට පස්කදු කිහිපයක් කඩා වැටීම හේතුවෙන් එහි ගමනා ගමන කටයුතුවලට අද (17) උදැසන පැය දෙකක පමණ බාධාවක් සිදුවුණා. 

මාර්ගය යථාතත්ත්වයට පත්වන තෙක් විකල්ප මාර්ග ලෙස පැරණි කොළඹ මාර්ගය භාවිත කරන්නැයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.