Monday, May 13, 2024

General line - 0115112241

සරසවි සිසුන්ට ඇමති විජයදාස ගෙන් අභියෝගයක්

තරංග රුක්ෂාන් ජයසේකර




විශ්ව විද්‍යාල සිසුන්ගේ කි‍්‍රයා සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ අද (17) තවත් ප‍්‍රකාශයක් සිදුකළා. ඒ, සරසවි සිසුන් කැට මගින් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන්. 

අමාත්‍යවරයා කියා සිටියේ පිං කැට වල එකතු කරන මුදලින් මහජනතාවට කිසිදු යහපත් දෙයක් සිදු නොකරන බවයි. හැකිනම් එලෙස එකතු කරන මුදල් වලින් මහජනතාවට හෝ සරසවි සිසුන්ගේ යහපත වෙනුවෙන් දෙයක් කර ඇත්ද යන්න කියා පෙන්වන්නයි තමන් අභියෝග කරනවා . ඔය එකතු කරන සල්ලි වලින් හවසට මත්පැන් පානය කරන එකයි කරන්නේ. මම මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා සරසවි සිසුන් අරන් එන පිං කැට වලට මුදල් පරිත්‍යාග කරන්න එපා කියලා .

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි. 

නවක වදය සම්බන්ධයෙන්ද එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් සිසුන් කුලී නිවාසවල සිට විශ්ව විද්‍යාලයෙන් පිටතදී නවක සිසුන්ට වදහිංසා සිදුකර ඇති බවට පැමිණිලි තිබෙන බවයි. මේ වනවිට එවැනි පැමිණිලි 417 ක් ලැබී ඇති බවද විජයදාස රාජපක්‍ෂ අමාත්‍යවරයා කියාසිටියා.