Wednesday, May 15, 2024

General line - 0115112241

පීනන්න ගිය ක්‍රීඩකයා ජකාර්තා නුවරදී අද උසස් පෙළ ලියයි (PHOTOS/VIDEO)

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




ජකාර්තා නුවර පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ දී  තවත් සුවිශේෂි කාර්යයක් අද (18) දිනයේදී  සිදු වනවා. ඒ මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලට එක්ව සිටින පිහිනුම් ශූර අකලංක පීරිස්, විශේෂ අවසරයක් මත මෙවර උසස් පෙළ විභාගයේ සාමාන්‍ය පොදු පරීක්ෂණ ප‍්‍රශ්න පත‍්‍රයට එහිදී පිළිතුරු සැපයීමයි. මෙවර උසස් පෙළ විභාගයට වාණිජ විෂය ධාරවෙන් පෙනී සිටින අකලංක බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ සුසිවෙක්. 

අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් අනුව සහ ජාතික ඔලිම්පික් කමිටුව  අකලංක පීරිස්ට එම ප‍්‍රශ්න පත‍්‍රය ඇතුලූව තවත් ප‍්‍රශ්න පත‍්‍ර 3කට පිළිතුරු ලිවීමට ජකාර්තා නුවරදී ඉඩ සලසා තිබෙනවා. එම කටයුතු අධික්ෂණය සදහා විභාග දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් දෙදෙනෙකුද ජකාර්තා නුවර වෙත පැමිණ සිටිනවා. ඔහු සාමාන්‍ය ඉංගී‍්‍රසි සහ ගිනුම් කරණ ප‍්‍රශ්න පත‍්‍ර සඳහා පිලිතුරු ලිවිමට නියමිතයි.