Tuesday, May 14, 2024

General line - 0115112241

අනීකා සහ තිවංක ටෙනිස් ඉසව්වෙන් ඉදිරියට - කබඩි ක්‍රීඩිකාවන්ගේ පළමු වෑයම අසාර්ථකයි (PHOTOS)

කසුන් කැලුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




ආසියානු කී‍්‍රඩා උළෙලේ අද (19) පැවැති ටෙනිස් කේවල තරගවලදී ශී‍්‍ර ලංකාව කැපී පෙනන දක්ෂතා දැක්වූවා. කාන්තා ටෙනිස් කේවල ඉසව්වේ පළමු වටයට එක් වූ අනීකා සෙනෙවිරත්න එම තරගය ජය ගනිමින් හෙට (20) පැවත්වෙන දෙවන වටයට සුදුසුකම් ලබා ගත්තා. අනීකා හමුවේ වට 2-0ක් ලෙස පරාජයට පත්වූයේ මොංගෝලියානු කී‍්‍රඩිකාවක්.

පිරිමි ටෙනිස් කේවල ඉසව්වට එක්වූ තිවංක ශාමාල් ද දෙවන වටයට සුදුසුකම් ලැබුවා. එ් මූලික වටයේදී මාලදිවයින් ක‍්‍රීඩකයෙකු වට 2-0ක් ලෙස පරාජය කරමින්. අනීකා සහ තිවංක සහභාගි වන ටෙනිස් කේවල දෙවන වටයේ තරග හෙට පැවැත්වෙනවා. 

ශී‍්‍ර ලංකා කාන්තා කබඩි කණ්ඩායම ජයග‍්‍රහණය පිළිබද බලාපොරොත්තු තැබුවද අද දිනයේ ඔවුන් සහභාගි පලමු තරගය තායිලනත්ය හමුවේ පරාජය වුණා.  එ් ලකුණු  41-15ක් ලෙසයි.