Tuesday, May 21, 2024

General line - 0115112241

සජින් වාස්ගේ නඩුවකට දින දෙයි




මිහින් ලංකා ගුවන් සමාගමට රුපියල් මිලියන 883 ක අලාභයක් සිදුකර ඇතැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මන්තී‍්‍ර සජින් වාස් ගුණවර්ධනට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝම්බර් 19 වනදා විභාගයට ගැනීමට දින නියම කෙරුණා. ඒ, අදාළ නඩුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ අද (29) කැදවූ අවස්ථාවේදීයි.

හිටපු මන්තී‍්‍රවරයා මිහින් ලංකා ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කළ සමයේ මෙහෙයුම් උපකරණ මිළදී ගැනීම සදහා පෞද්ගලික සමාගමක් සමග ගිවිසුමකට එළඹීමෙන් මෙම අලාභය සිදුකර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. ඒ අනුව අල්ලස් කොමිසම විසින් මන්තී‍්‍රවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.