Tuesday, May 21, 2024

General line - 0115112241

ජනපති සහ අගමැති වගකිවයුතු මුදලක් ගැන හිටපු ජනපති කියයි

හර්ෂිකා සංජීවනී




සීමා නීර්ණ වාර්තාව සැකසීම සදහා වියදම් වූ මුදල් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා වගකිව යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. නාවින්න ප‍්‍රදේශයේදී අද (29) මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියාසිටියා. 

අපවත් වී වදාළ පූජ්‍ය උඩහමුල්ලේ සරණපාල හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට නාවින්න, පතිරගොඩ නාලාන්දාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් මෙම ප‍්‍රශ්න කිරීම් සිදුකළා.