Tuesday, May 7, 2024

General line - 0115112241

ජනපති නිල නිවස වැටලීමේ සැලැස්මක් - නාමල්ගේ සහ විමල්ගේ වැඩක් - පොලිසිය අධිකරණයට කියයි - අධිකරණය කළ යුතු දේ කියයි (UPDATE)

ඩිල්ෂාන් මඩවල




ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට (05) පැවැත්වීමට නියමිතව ඇති ‘‘ජනබලය කොළඹට’’ විරෝධතා රැළිය සම්බන්ධයෙන් කොල්ලූපිටිය සහ වැලිකඩ යන පොලිස් ස්ථානවලින් කෙරුණු ඉල්ලීම් 02ක් අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කෙරුණා. 

කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කුරුඳුවත්ත පොලිසිය පැවසුවේ මෙම රැළියට සහභාගී වන පිරිස් රාත‍්‍රී කාලයේදී කොළඹ මළලසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවස වැටලීමට සැලසුම් කර ඇතැයි තොරතුරු ලැබී ඇති බවයි. ජනාධිපතිවරයාට නිවසින් පිටතට යාමට නොහැකි වන පරිදි කටයුතු කිරීමට ඔවුන් සූදානම් වන බවටද තොරතුරු ලැබී ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසක් මෙම සැලසුමට සම්බන්ධ වී සිටින බවයි කුරුඳුවත්ත පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. එහෙත් එවැනි සැලසුමක් ඇත්නම් සැකකරුවන් රාජ්‍ය විරෝධි කුමන්ත‍්‍රණයක නිරත වීම යන වරද යටතේ වහාම අත්අඩංගුවට ගත හැකි බව මහේස්ත‍්‍රාත් අධිකරණය පෙන්වා දුන්නා. ඒ ස`දහා අධිකරණයෙන් වෙනම නියෝගයක් අවශ්‍ය නොවන බවයි මහේස්ත‍්‍රාත්වරයා පැවසුවේ.  

හෙට පැවැත්වෙන විරෝධතා රැුළියේදී මහජන පීඩා ඇති නොකරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වැලිකඩ පොලිසිය ද ඉල්ලීමක් කළා. 
කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණ හමුවේ කරුණු දක්වමින් කොල්ලූපිටිය පොලිසිය ද පැවසුවේ එදිනෙදා ජන ජීවිතයට සහ සාමයට බාධා විය හැකි බැවින් හෙට පැවැත්වීමට නියමිත රැළියට එරෙහිව නියෝගයක් නිකුත් කරන ලෙසයි. 

එහෙත් මහජන පීඩාවක් ඇති වන්නේ නම් හෝ සාමය කඩවන්නේ නම් එසේ කරන තැනැත්තන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය තිබෙන බව මෙම අවස්ථා දෙකේදී ද මහේස්ත‍්‍රාත්වරුන් පෙන්වා දුන්නා. ඒ ස`දහා වෙනම අධිකරණ නියෝග අවශ්‍ය නොවන බවයි අවධාරණය කෙරුණේ. 

.................................................................................

ජනබලය කොළඹට විරෝධතාවය ගැන අධිකරණයේ මතය - වෙන්කළ ක්‍රීඩාංගන 5ක් දෙන්න බැහැ කියයි

(04-09-2018 15:34)

ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට (05) දිනයේ පැවැත්වීමට නියමිත "ජනබලය කොළඹට" විරෝධතාවය හේතුවෙන් ඇතිවිය හැකි මහජන පීඩාව වළැක්වීමට පොලිසිය විසින් කළ ඉල්ලීමක් අධිකරණ විසින් ප්‍රතික්ෂේපකොට තිබෙනවා.

‘‘ජනබලය කොළඹට‘‘ උද්ඝෝෂණය සඳහා කොළඹ නගරයෙන් වෙන් කර තිබූ ක්‍රීඩාංගණ 5ක් ලබා දීමට නොහැකි බව දැනුම් දී ඇතැයි  ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රීවරුන් විසින් පසුගිය අගෝස්තු මාසයේ මුල් සති දෙක ඇතුලත අදාල මුදල් ගෙවා ගාලු මුවදොර පිටිය,කැම්බල් පිටිය,විහාරමහාදේවි උද්‍යානය,හයිඩ් පිටිය,හෙන්රි පේදිරිස් ක්‍රීඩාංගණය යන ස්ථාන වෙන්කර තිබුනද එම ක්‍රීඩාංගන ලබා දීමට නොහැකි බව  කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සහ නාගරික කොමසාරිස්වරයා විසින් අද (04) දැනුම් දී ඇති බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ.