Monday, May 6, 2024

General line - 0115112241

ඩොලරයට සාපේක්ෂව රුපියල තවත් පහතට

ඩිල්ෂාන් මඩවල




රුපියලේ අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප‍්‍රමාණය වෙමින් තිබෙනවා. අද (04) ගනුදෙනු නිමා වනවිට අමෙරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 163කට ද සමීප වී තිබුණා. ශ‍්‍රී ලංකා මහ බැංකුවට අනුව එහි විකුණුම් මිල රුපියල් 162.99ක් වූ අතර ගැනුම් මිල රුපියල් 159.79ක්. 

රුපියලේ අගය මෙලෙස අවප‍්‍රමාණය වීම නිසා රටේ ආනයන විදයම් වැඩිවන බවද ආනයන ද්‍රව්‍යවල මිල වැඩිවිය හැකි බවද ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.