Tuesday, May 21, 2024

General line - 0115112241

එජාපය..ඒකාබද්ධය සහ 16යේ කණ්ඩායම ජනපතිට පිළිතුරු දෙයි

කසුන් කැළුම්/සජිත් තිලකරත්න




ආණ්ඩු බලය පිහිටුවීමට වෙනත් පක්‍ෂ සමග එක් නොවී තනි ආණ්ඩුවක් පිහිටුවීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කටයුතු කළයුතු බව 16යේ කණ්ඩායම පවසනවා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (08) ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සහයෝගය නොමැතිව කිසිඳු පක්‍ෂයකට ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවයි. ඊට ප‍්‍රතිචාර දක්වමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ දහසයේ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර පි‍්‍රයදර්ශන යාපා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් සඳහන් කෙරුණේ "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අඩ තියන්න ඕන පක්ෂයක් නෙමෙයි. මේ පක්ෂය මේ රටේ ආණ්ඩු කරපු පක්ෂයක්. අපි නිසා කාටවත් ආණ්ඩු පිහිටුවන්න නෙමෙයි අවශ්‍ය..අපි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ක්‍රියා කරන්න ඕන පක්ෂයක්." යනුවෙන්ද සඳහන් කෙරුණා.

ජනාධිපතිවරයා ඊයේ කළ ප‍්‍රකාශයට පිවිතුරු හෙළ උරුමයේ නායක, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල ද  ප‍්‍රතිචාර දැක්වුවා.

එහිදී "එතුමා තාමත් ඉන්නේ සිහින ලෝකයක..ආර්ථිකය තමන් අතට ගන්නවා..බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙනවා කියලා..එජාපයත් එකක් එතුමා තරහයි කියලා අතට ගත්ත ඡන්ද ටිකත් දැන් එතුමා ළඟ නෑ.. එතුමා එහෙම හිතනවා නම් හොඳම දේ වසරකට අධික කාලයක් කල්දමා ඇති පළාත් සභා මැතිවරණය වහාම තියන එකයි." යනුවෙන් සඳහන් කෙරුණා.
 

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවට ජනාධිපතිවරයා ඊයේ සිදු කළ ප‍්‍රකාශය වැදගත් එකක් නොවන බවයි අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ද පවසන්නේ.

එහිදී සඳහන් කෙරුණේ "අපි විශ්වාස කරන්නේ ඊළඟට අපි තනියෙන් යා යුතුයි කියන මතය තමයි. කතන්දර අහන්න ඕනේ නෑනේ එතකොට. කෙසේවෙතත් පොහොට්ටුවටයි..එජාපයටයි අවශ්‍ය නම් බහුතරය හැදීමේ හැකියාව තියෙනවා. ඒත් මම හිතන්නේ නෑ.. අපිටවත් පොහොට්ටුවටවත් එහෙම උවමනාවක් තියෙනවයි කියලා." යනුවෙනි.