Monday, May 13, 2024

General line - 0115112241

එ.ජා.ප පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස්වෙයි - අගමැතිත් අද දිවයිනට

හේමන්ත කහවලගේ




එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ද අද (10) රැස්වීමට නියමිතයි. අරලියගහ මන්දිරයේදී මෙම රැස්වීම පැවැත්වීමට මුලින් නියම කර තිබුණත් පසුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වීම පැවැත්වීමට තීරණය කර තිබෙනවා. 

මේ වනවිට විදේශ සංචාරයක යෙදී සිටින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද මව්බිමට පැමිණීමට නියමිතයි. ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීම ඔහුගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති. පවතින දේශපාලන ව්‍යාකූලතා සහ ආර්ථික ගැටළු පිළිබඳ මෙහිදී අවධානය යොමු වනු ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණා. එහෙත් එම සාකච්ඡාව පවත්වා නොමැති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.