Tuesday, May 14, 2024

General line - 0115112241

DIG නාලක සහ නාමල් කුමාර සිද්ධිය පිටුපස සිටින්නේ කවුද - වහාම වාර්තා කරන්න - ඇමතිගෙන් CIDයට නියෝගයක්

හේමන්ත කහවලගේ




ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ නාමල් කුමාර නමැත්තා සම්බන්ධ වූ සිද්ධියේ පිටුපස සිටින්නේ කවුදැයි වහාම සොයා බලා වාර්තා කරන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කුමන්ත‍්‍රණය කළ බවටයි අදහස් පළව තිබෙන්නේ. මෙම කුමන්ත‍්‍රණයට අදාළ බව කියන දුරකතන සංවාදවල හඬපට කිහිපයක් නාමල් කුමාර නමැත්තා ඉකුත්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන්නා. 

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මන්දගාමීව සිදුවන බවයි ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පාර්ශව කිහිපයක් චෝදනා කරන්නේ.