Monday, May 13, 2024

General line - 0115112241

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට අගමැතිගෙන් තලතා විපක්ෂ නායකගෙන් චමල්

හේමන්ත කහවලගේ




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් ලෙස අමාත්‍ය තලතා අතුකෝරළ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂගේ නම් යෝජනා වී තිබෙනවා. ඒ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට අග‍්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ නාම යෝජනා මත පත් කළ යුතු පාර්ලිමේන්තු නියෝජිතයින් ලෙසයි.

අග‍්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ  නායකවරයාගේ නාම යෝජනා මත සිවිල් පුද්ගලයින් 03 දෙනෙකු ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට පත් කළ යුතුයි. ඒ සඳහා රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන් වන ජයන්ත ධනපාල හා අහමඩ් ජාවේඩ් යූසුෆ් යන අයගේත් කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන එන් සෙල්වකුමාරගේත් නම් යෝජනා වී තිබෙනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ තවත් සාමාජිකයෙකු පත් වන්නේ අග‍්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අයත් නොවන පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ නියෝජනය කරමින්. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායකගේ නම යෝජනා වී තිබෙනවා. ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට ඇතුළත් විය යුතුයි. ඒ සඳහා  අමාත්‍ය මහින්ද සමරසිංහගේ නම යෝජනා වී තිබෙනවා.

මීට අමතරව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයින් ලෙස අග‍්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ විපක්ෂ නායකවරයා නිල බලයෙන් පත් පත්විය යුතු බවයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ. ඒ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ මුළු සාමාජිකයින් සංඛ්‍යාව 10 දෙනෙක්.