Monday, May 20, 2024

General line - 0115112241

කන්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා රාජකාරී වෙලාවේ බීමතින් රැඟු හැටි (VIDEO)




කන්තලේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ සේවය කරනු ලබන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා සිය රාජකාරි වෙලාවේ කාර්යාලය තුලදී බීමතින් සිටීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

මෙම වෛද්‍යවරයා බීමතින් ඉතා අශෝභන අයුරින් පරුෂ වචනයෙන් කතා කරමින් හැසිරි ඇති අතර මේ හේතුවෙන් පොලිස් නිලධාරින්ද දැඩි අපහසුතාවයකට ලක්වෙන අයුරු මෙම වීඩියෝවේ දැක්වෙනවා.

මෙම වෛද්‍යවරයා දිනපතාම රාජකාරි වේලාවන් හිදී බීමතින් සිටින බවත් ඔහුට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු වගකිවයුතු අංශ රැසකට පැමිණිලි කළත් මේ දක්වා කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බව නිලධාරීන් සදහන් කර සිටියේ.

මේ වන විට මෙම වෛද්‍යවරයාගේ ක්‍රියා කළාපය හේතුවෙන් රාජකාරි කිරීමට නොහැකි වීම හේතුවෙන් මේ වන විට කන්තලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ සේවයේ නියුතු නිළධාරිනියන් සිවු දෙනෙක් ස්ථාන මාරු ලබා පිටව ගොස් තිබෙනවා.

එම වීඩියෝව පහතින් දැක්වේ: