Monday, May 20, 2024

General line - 0115112241

ඉන්දු-ශ්‍රී ලංකා අගමැතිවරු හමුවෙයි




ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (20) එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මුණ ගැසුණා. එහිදී අග‍්‍රාමාත්‍යවරුන් දෙපළ අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැති බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ. නවදිල්ල නුවර අග‍්‍රාමාත්‍ය නිල නිවසේදී මෙම සාකච්ඡා පැවැත්වුණා. 

මෙම සාකච්ඡාවෙන් අනතුරුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් ද මුණ ගැසී තිබෙනවා.  

මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං සමගද සාකච්ඡා පැවැත්වූ බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ. තෙදින නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (19) දිනයේ රාහුල් ගාන්ධි ඇතුලූ කොංග‍්‍රස් පක්ෂ නායකයින් සමගද සාකච්ඡා පැවැත්වුවා.