Monday, May 20, 2024

General line - 0115112241

මාලි දේශයට ගිය හමුදා ප‍්‍රධානියා යළි කැඳවීමට ගෝඨාභයගේ විරෝධය

මහේෂ් චතුරංග




සාම සාධක හමුදා රාජකාරි සඳහා අනියුක්ත කෙරුණු සෙබළුන් මානුෂීය මෙහෙයුමටද දායක වූ බැවින් ඔවුන්ට එම රටවලට පිවිසීමට බාධා එල්ල කර ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.  

මාලි දේශයේ සාමසාධක හමුදා රාජකාරී සදහා අනියුක්තව සිටින ශී‍්‍ර ලංකා යුද හමුදා සේනාංකයේ අණදෙන නිලධාරියා යළි මෙරටට කැදවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබුණා. 

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ කෝට්ටේ අද (20) පැවැති එළිය සම්මන්ත‍්‍රණය අමතමින්.