Monday, May 20, 2024

General line - 0115112241

කලාපීය ගැටළු ගැන ඉන්දු විදේශ ඇමතිනිය සමග අගමැතිවරයා සාකච්ජා පවත්වයි




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිය ඉන්දීය සංචාරය තුළදී එරට විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් හා ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මුණගැසී සාකච්ඡා කර තිබෙනවා. විදේශ අමාත්‍යවරිය සමඟ පැවති සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ කලාපීය ගැටළු සහ ප‍්‍රවණතා සම්බන්ධයෙන්. 

පලාලි ගුවන් තොටුපල සංවර්ධනයට සහය ලබාදෙන බවයි අග‍්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං පවසා ඇත්තේ.