Monday, May 20, 2024

General line - 0115112241

රත්‍රං සහ වාහන ආනයනයේදී විශාල මුදලක් රටින් පිටට ගලා යනවා - මන්ත්‍රි බන්දුල

මහේෂ් චතුරංග




රත‍්‍රං සහ වාහන ගෙන්වීම වෙනුවෙන් මේ වසරේදී අති විශාල මුදලක් රටින් පිටට ගලාගෙන ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ, ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ මධ්‍යස්ථානයේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

2018 වර්ෂයේදී ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම සදහා දරනු ලැබූ වියදම අමෙරිකානු ඩොලර් මිලියන 516.6. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ වාහන ආනයනය කිරීම 108% කින් වැඩි වෙලා. රත්ත්‍රන් ආනයනය කිරීමත් පසුගිය වසරට සාපේක්ෂව 126% කින් ඉහළ ගොස් තිබෙනවා. මේ වසරේ මුල් මාස 4 දී පමණක් රත්ත්‍රන් ආනයනය කරලා තිබෙනවා ඩොලර් මිලියන 437.3ක්. පසුගිය මාස 16 තුලදී ආනයනය කරන ලද රත්ත්‍රන් හි මුළු වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික බවයි මන්ත්‍රිවරයා සදහන් කර සිටියේ.

මෙලෙස රටින් පිටට ඇදී යන්නේ ශ‍්‍රී ලංකාව සතු විදේශ විනිමය සම්පත බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ප‍්‍රධාන රාජ්‍ය බැංකු දෙකක අධ්‍යක්‍ෂ මණ්ඩල සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළුකාරී තත්වයට මෙතෙක් විසදුමක් ලැබී නොමැති බවයි.