Monday, May 20, 2024

General line - 0115112241

මිලියන 8ක් වටිනා කේරළ ගංජා කොච්චිකඩේදී අත්අඩංගුවට

හේමන්ත කහවලගේ




රුපිියල් ලක්ෂ 80ක වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 100කට අධික ප‍්‍රමාණයක් සමඟ  සැකකරුවන් දෙදෙනෙකු කොච්චිකඬේ ප‍්‍රදේශයේදී අද (21) අත්අඩංගුවට ගැණුනා. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදීයි. මෙම කේරළ ගංජා තොගය කොළඹට රැගෙන ඒමට සැකකරුවන් උත්සහ දරා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.