Monday, May 20, 2024

General line - 0115112241

දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් - නුවරඑළියට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර/ලහිරු කපුගේ




දිවයිනේ ප‍්‍රදේශ රැසකට ඊයේ (21) රාත‍්‍රියේ වැසි ඇද හැලී තිබුණා. අද (22) දිනයේ ද සවස 02.00න් පසුව වැසි තත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ කියා සිටියේ ඇතැම් ප‍්‍රදේශවලට උදෑසන කාලයේ ද වැසි ඇදහැලෙනු ඇතැයි අනුමාන කරන බවයි. 

පවතින කාලගුණික තත්වය හමුවේ ධීවර සහ නාවික ප‍්‍රජාව ද අවධානයෙන් කටයුතු කළ යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නුවරඑළිය දිස්ත‍්‍රික්කයට නායයාම් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. ඒ, වලපනේ ප‍්‍රාදේශීය බල ප‍්‍රදේශය සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයටයි. තවදුරටත් වර්ෂාව පවතින්නේ නම් නායයාම්, කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරළීම් සහ පොලවේ ගිලා බැසීම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසටයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙන්නේ.