Monday, May 20, 2024

General line - 0115112241

මාතර වෙඩි තැබීමක්




අද (22) පෙරවරුවේ මාතර ඌරුබොක්ක හුලංකන්ද ප්‍රදේශයේ දම්පහල මාර්ගයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි වැදීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ පුද්ගලයා හීගොඩ රෝහගට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 44ක් වූ අකුරැස්ස වත්ත, වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි E.S චමින්ද දයාරත්න නැමැති පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන අයෙක්.

යතුරුපැදියකින් පැමිණ ඇති සැකකරුවන් මරණකරු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෙඩි තැබීම සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.