Tuesday, May 14, 2024

General line - 0115112241

නුවන් සොයිසාට එරෙහිව ICC දුෂණ මර්ධන ඒකකය චෝදනා ගොනු කරයි

දිනුක් හේවාවිතාරණ




හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකය චෝදනා එල්ල කර තිබෙනවා. මේ වන විට නුවන් සොයිසා ක්‍රියාකාරී ක්‍රිකට් කටයුතු වලින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිමටයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නියෝග කර තිබෙනවා.

අයිසිසි දුෂණ මර්ධන ඒකකය විසින් නුවන් සොයිසාට එරෙහිව චෝදනා තුනක් ගොනු කර තිබෙනවා. එම චෝදනා වන්නේ තරගයක ප්‍රතිපලය වෙනස් කිරීමට කටයුතු කිරීම, තරගයක නීති උල්ලංඝණය කිරීම සදහා ක්‍රීඩකයින් පෙළඹවීමට ක්‍රියා කිරීම සහ ඒ පිළිබදව අයිසිසි දුෂණ විරෝධි කමිටුවට කරුණු දැනුවත් කිරීමට කටයුතු නොකිරීම යන කරුණු යටතේ යි.

ඒ අනුව නොවැම්බර් 1 වෙනිදා සිට දින 14 ක් තුල මෙම චෝදනා සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙස දැනුම් දී ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සදහන් කරන්නේ.