Tuesday, May 14, 2024

General line - 0115112241

පිතිකරුවන් 10 දෙනෙක් "0" දැවී යයි : වසර 133 ක් පැරණි වාර්තාව අළුත් වූ හැටි

දිනුක් හේවාවිතාරණ




සිංගර් කුසලාන වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගයකදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ක්‍රීඩකයින් විසින් කෑගල්ල සාන්ත මරියා කණ්ඩායම ලකුණු 6කට දවා ගනිමින් වසර 133ක් පැරණි වාර්තාවක් බිඳ හෙළීමට ඊයේ (31) සමත් වුවා.

මෙහිදී කෑගල්ල සාන්ත මරියා විදුහල් කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී පන්දුවාර 10.5 කදී  සියළුම ක්‍රීඩකයින් ලකුණු 6 කට දැවී ගිය අතර ඔවුන්ගේ පිතිකරුවන් 10 දෙනෙක් ලකුණු නොලබා දැවී ගොස් තිබුනා.

මෙහිදී සාන්ත තෝමස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක කලණ පෙරේරා තරගයේ ඉණිම් දෙකේදී කඩුලු 16ක් දවා ගනු ලැබුවා.

තරගයෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල ඉනිමකින් සහ ලකුණු 233 කින් ජය ගනු ලැබුවා.