සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (18) අවසන් දිනයයි.
ලකුණු 301 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශී‍්‍ර ලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් ඊයේ සිව් වන දිනය අවසන් කරන විට කඩුළු 7 ක් දැවී ලකුණු 226 ක් ලබා සිටියා.
ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගැනීම සඳහා තවත් ලකුණු 75 ක් රැස් කළ යුතු අතර අතැතිව ඇත්තේ කඩුළු 3 ක් පමණයි.
කෙසේවෙතත් මෙම තරගය ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට අවස්ථාවක් තිබෙන බවයි ඊයේ (17) පැවති මාධ්‍ය හමුවේදී ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ.