Sunday, May 12, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ බලාපොරොත්තුවත් සුන්

කසුන් කැළුම්




මෙවර ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලිය පිළිබඳ ශී‍්‍ර ලංකාව තැබූ බලාපොරොත්තු බිඳ වැටී තිබෙනවා.

A කාණ්ඩයෙන් තරග වැදුනු ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම මූළික වටයේදී තරග 04කට සහභාගී වෙමින් ජය ගත්තේ එක් තරගයක් පමණයි.

ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් බංග්ලාදේශයට එරෙහිව පමණක් එම ජයග‍්‍රහණය වාර්තා කළා.

ඒ් අනුව ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායමට මෙවර මූලික වටයෙන්ම ඉවත් වීමට සිදුවුණා.

මෙවර ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලියේ A කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය සුදුසුකම් ලබා සිටිනවා. B කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින්නේ ඉන්දියාව සහ ඔස්ටේ‍්‍රලියාවයි.