Sunday, May 12, 2024

General line - 0115112241

පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණයට අකිල යයි

කසුන් කැළුම්




පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට චෝදනා එල්ල වූ දඟ පන්දු යවන කී‍්‍රඩක අකිල ධනංජය අද (19) ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් නුවර බලා පිටත්ව යනවා.

ඒ, ICCය විසින් සිදු කරන පරික්ෂණයකට පෙනී සිටීම සඳහායි.

ගාල්ලේදී නිමා වූ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බව විනිසුරුවරුන් විසින් ICCය වෙත දන්වා තිබුණා.

ඒ අනුව දින 14ක් ඇතුළත අකිල ධනංජය පරික්ෂණයක් සඳහා පෙනී සිටිය යුතු බවයි ICCය දන්වා තිබුණේ. අද බි‍්‍රස්බේන් නුවර බලා පිටත්ව යන අකිල ධනංජය ලබන 23 වැනිදා එහි පිහිටි කී‍්‍රඩා විද්‍යායතනයේදී සිය පන්දු යැවීමේ ඉරියව් පරික්ෂණයකට පෙනී සිටීමට නියමිතයි.

2012 වර්ෂයේ පැවැති 20 යි 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අන්තර්ජාතික කි‍්‍රකට් වරම් දිනා ගත් අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට චෝදනා එල්ල වන්නේ වසර 06කට පසුව වීමද විශේෂත්වයක්.