Saturday, May 11, 2024

General line - 0115112241

අකිල වෙනුවට නිශාන් කැඳවයි

කසුන් කැලුම්




යොවුන් දඟ පන්දු යවන කී‍්‍රඩක නිශාන් පීරිස් ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා. ඒ, එංගලන්තය සමග පැවැත්වෙන 3 වන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය සදහායි. අකිල ධනංජය වෙනුවට නිශාන් පීරිස් ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතයට කැදවූ බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ. 

පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට චෝදනා එල්ල වූ අකිල ධනංජය ඊට අදාළ පරීක්‍ෂණයකට පෙනී සිටීම සදහා අද (20) රාති‍්‍රයේ ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් නුවර බලා පිටත්ව යනවා. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට විනිසුරුවන් විසින් චෝදනා එල්ල කළේ ගාල්ලේ පැවති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදීයි. ශී‍්‍ර ලංකා - එංගලන්ත 3 වන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන සිකුරාදා කොළඹ එස් එස් සී කී‍්‍රඩාංගණයේදි ආරම්භ වනවා.