Sunday, May 12, 2024

General line - 0115112241

හොර අත්සන් පරීක්ෂණයෙන් කබඩි ලේකම් කට්ටි පනියි

කසුන් කැලුම්




ඉන්දීය සංචාරයක් සඳහා කබඩි කී‍්‍රඩකයින් තේරීමේදී තේරීම් කමිටු සාමාජිකයින් දෙදෙනෙකුගේ අත්සන් ව්‍යාජ ලෙස යෙදීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණ, කබඩි සම්මේලනයේ ලේකම්වරයා විසින් මග හරිමින් සිටින බවට එහි විධායක සභිකයින් චෝදනා කරනවා. ඉකුත් සඳුදා පැවැති මෙම පරික්ෂණය සඳහා කබඩි සම්මේලනයේ ලේකම් එස් එස් මීගස්තැන්න  සහභාගී වී නොමැති බවයි ඔවුන් සඳහන් කළේ.

කෙසේවෙතත් කබඩි තේරීම් කමිටු සභාපති සුදර්ශන හෙට්ටිආරච්චි සහ එහි සෙසු සාමාජිකයින් වන පරාක‍්‍රම ඒකනායක හා කේ කේ දසන්ත මෙම පරීක්ෂණයට පෙනී සිට තිබෙනවා. මෙම හොර අත්සන් සිද්ධියත් සමග සුදර්ශන හෙට්ටිආරච්චි කබඩි තේරීම් කමිටු සභාපතිධූරයෙන් ද ඉල්ලා අස්වුණා. 

මේ අතර කබඩි ජාතික පුහුණුකරුගේ සේවය අත්හිටුවීමටද කබඩි සංගමයේ විධායක කමිටුව තීරණය කර ඇතැයි  වාර්තා වනවා. ලබන වසරේ පැවැත්වෙන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල සඳහා නව පුහුණුකරුවෙකු යටතේ තරග වැදීම විධායක කමිටුවේ අපේක්ෂාවයි.