Sunday, May 12, 2024

General line - 0115112241

චන්දිමාල් අවිනිශ්චිතයි

මහේෂ් චතුරංග




එංගලන්තය සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරගය සඳහා නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබෙනවා. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පැවැති ශාරිරික යෝග්‍යතා පරික්ෂණයෙන් දිනේෂ් චන්දිමාල් අසමත් වී ඇති බවයි කි‍්‍රකට් ආරංචි පැවසුවේ. 

දිනේෂ් චන්දිමාල් සිය ආබාධය හේතුවෙන් පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේ පැවැති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයටද සහභාගී වූයේ නැහැ. එම තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ සුරංග ලක්මාල්. එංගලන්ත - ශ‍්‍රී ලංකා තුන්වන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන සිකුරාදා කොළඹ එස් එස් සී කී‍්‍රඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.