ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට බලය හිමි හපුතලේ ප‍්‍රාදේශීය සභාවේ 2019 වසර සදහා වන අයවැය ලේඛණය අද (07) පරාජයට පත් වුණා. ඒ, වැඩි ඡන්ද 8 කින්. අයවැය ලේඛණය සම්මත කර ගැනීම සදහා පැවති රහස් ඡන්දයේදී අයවැයට පක්‍ෂව ඡන්ද 6 ක් හිමිවූ අතර විපක්‍ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 14 ක්.
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සභිකයින් හය දෙනෙක්, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභිකයින් හය දෙනෙක්, එක්සත් ජාතික පක්‍ෂයේ සභිකයින් හත් දෙනෙක් සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් සභිකයෙක් හපුතලේ ප‍්‍රදේශීය සභාව නියෝජනය කරනවා.