Sunday, May 12, 2024

General line - 0115112241

රනිල්ට සහය ලබා දෙන්නේ නැහැ - ජවිපෙන් තීරණයක්

සමන්ත කුමාර/ පසන් වික්‍රමතිලක




රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළ කරමින් එළඹෙන 12 වනදා එක්සත් ජාතික පක්‍ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට සහාය ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. මෙම යෝජනාව පිළිබඳව නෙත් නිවුස් කළ විමසීමකදි එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති මේ බව ප්‍රකාශ කළා.

 

මේ අතර දෙමළ ජාතික සන්ධානය මෙම යෝජනාවට සහාය ලබාදෙනවාද යන්න පිළිබද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්තිරන් පවසනවා.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශව‍යෙන් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ ආණ්ඩු පක්‍ෂයක් නොමැතිව පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා යෝජනා පිළිගත නොහැකි බවයි.