Sunday, May 12, 2024

General line - 0115112241

ලක්ෂ හැටක් වටිනා කුඩු සමග සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට




රුපියල් ලක්‍ෂ 60කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදි මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට පත්ව තිබේ.

මේ අනුව හෙරොයින් ග‍්‍රෑම් 500යි මිලිග‍්‍රෑම් 504ක පමණ ප්‍රමාණයක් මෝටර් රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු කැළණිය, වරාගොඩ පාරේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කැළණිය, සල්මල් උයන ප‍්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකරුවෙකි.