Sunday, May 12, 2024

General line - 0115112241

කන්ටේනරයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසකට කඩා වදියි

කාංචන කුමාර ආරියදාස




ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් සහ වීදේශීය ළූණු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප්‍රදේශයේදී 08 දින  අලුයම 7.15 ට පමණ  මුහුණට මුහුණ ගැටී තිබේ. මෙම අනතුරෙන් කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැලකට කඩාවැදී පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලීසිය කියයි.
 
අනතුරින් තුවාල ලබා ඇත්තේ බස් රථයේ රියැදුරු සහ මගින් දෙදෙනෙකු බව පොලිසිය සඳහන් කරනවා. බස් රථය අධික වේගයෙන් පැමිණීම නිසා පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මාර්ගය ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි. කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ වෙළඳසැලකට ද හානි සිදු කරමින් නැවතී තිබුණු බව පොලීසිය සඳහන් කළේය. සම්බන්ධයෙන් රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.