Monday, May 13, 2024

General line - 0115112241

පොලිස් කොස්තාපල්වරියක් ඇයගේ දරුවා සමග නිවසේ සිටියදී අත්බෝම්බ ප්‍රහාරයක්

කසුන් කැළුම්




අනුරාධපුර පොලීසියේ පොලිස් නිවාසයකට අද (09) අලුයම අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලිස් කොස්තාපල්වරියක් සහ ඇගේ දෙහැවිරිදි දරුවා සිටින නිවසකට මෙම අත්බෝම්බ ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

අත්බෝම්බය පුපුරා ගොස් ඇතත් ඉන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි.