Monday, May 13, 2024

General line - 0115112241

නාමල් කුමාරගේ දුරකථනය හොංකොං රැගෙන ගිහින්

කසුන් කැළුම්




දූෂණ විරෝධී බලකායේ, මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ ජංගම දුරකතනයේ දත්ත පරීක්ෂණ කටයුතු සඳහා හොංකොං රාජ්‍ය බලා රැගෙන ගොස් තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 03 දෙනෙකු ජංගම දුරකතනය සමඟ හොංකොං රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අදාළ ජංගම දුරකතනයේ මකා දමා ඇති බව කියන හඬපට පරීක්ෂා කිරීම මෙහි ප්‍රධාන අරමුණක් බවයි වාර්තා වෙන්නේ.

නාමල් කුමාර ඉකුත් දා හෙළි කළ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්  ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණවලට අදාළව එම ජංගම දුරකතනයේ දත්ත හොංකොං රාජ්‍යයේදී පරික්ෂාවට ලක් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් මේවනවිට හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවද අවස්ථා කිහිපයකදී නාමල් කුමාරගෙන් ද ඒ පිළිබඳ ප‍්‍රශ්ණ කළා.