Tuesday, May 14, 2024

General line - 0115112241

"ජනපති ඉක්මනින් අර්බුදය විසඳිය යුතුයි"

කසුන් කැළුම්




පවතින දේශපාලන ව්‍යාකූලතාවය ජනාධිපතිවරයා කඩිනමින් විසඳීමට කටයුතු නොකළහොත් ජනතාව පාරට බසින කාලය වැඩි ඈතක නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම පවසනවා.

කළුතරදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණවලට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විතරක් නෙමෙයි මුළු රටේම ජනතාව කලකිරීමකින් ඉන්නේ. නඩු තීන්දුව ගැන කථා කරන්න ගියොත් එස්.බී දිසානායක මහත්තයාට වෙච්ච දේ තමයි මටත් වෙන්නේ. මට පොහොට්ටුවේ සාමාජිකත්වයත් දීලා තියෙන්නේ. හැබැයි මම ශ්‍රීලංකා කාරයෙක්." යනුවෙන්ද සඳහන් කළා.