Monday, May 13, 2024

General line - 0115112241

දළඳා සමිදු වැඳපුදා ගත් හිටපු ජනපති ඉදිරි ක්‍රියාමාර්ග සැළසුම් කරන හැටි කියයි

කසුන් කැළුම්




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (09) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳපුදා ගත්තා.

එහිදී දියවඩන නිලමේ නිලංග දෑල විසින් හිටපු ජනාධිපතිවරයා පිළිගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවර දළදා මාලිගාව වෙත පැමිණ සිටි ජනතාව සමගද සුහද කතාබහක නිරත වුණා. අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමෙන් පසු ඉදිරි කි‍්‍රයාමාර්ග සැලසුම් කරන බවයි.