Sunday, May 12, 2024

General line - 0115112241

නාගදීප නාමපුවරුවට තීන්ත ප්‍රහාරයක්

රොමේෂ් මධුෂංඛ - වන්නිය




යාපනය නාගදීපයට ගමන්කරන බෞද්ධ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසුව වෙනුවෙන් සවිකර තිබූ නාගදීපය නැමති නාමපුවරුවට ඊයේ (08) රාත්‍රියේ තීන්ත ප්‍රහාරයක් එල්ල කර ඇති බව අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කර සිටිනවා.

කයිට්ස් වේලනෙයි මංසන්ධියේ සවිකොට ඇති මෙම නාම පුවරුවේ නාගදීපය යනුවෙන් ලියා ඇති සිංහලල දෙමළ ඉංගීසි වැකි ඉතිරිවන අයුරින් නාගදීප චෛත්‍ය ඇතුලු පුද බිමේ ඡායාරූපය වැසෙන පරිදි මෙසේ රතු තීන්ත ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගා ඇති බවට කයිට් පොලීසිය වැඩිදුරටත් සදහන් කර සිටියා.

කෙසේ වෙතත් අදාල රතු තීන්ත ගා ඇති පිරිස් මෙතෙක් අනාවරනය වී නොමැති අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ ඇති බවටද කයිට්ස් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේ.

පසුගිය පලාත් සභා පාලන සමයේදී හිටපු උතුරේ මහ ඇමති සී.වී. වීගවිග්නේශ්වරන් ඇතුලු දෙමළ දේශපාලඥයින් විසින් උතුරු පලාත් සභාවේදී විරෝධතා පල කරමින් කියා සිටියේ නාගදීප යනුවෙන් වචනයක් හෝ නමක් නොමැති බවටත් එය නයිනතිව් වශයෙන් හැඳින්විය යුතු බවයි. එමෙන්ම නාගදීප විහාරය ඉදිරිපිට ඉදිකිරීමට නියමිතව තිබූ බුදු පිළිමයටද ඔවුන්ගේ දැඩි විරෝධය එල්ල කරනු ලැබුවා.