Monday, May 13, 2024

General line - 0115112241

බේරුවල නිවසකින් ගිනි අවි තොගයක් මතුවෙයි

දිනුක් හේවාවිතාරණ




බේරුවල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී ගිනි අවි 11ක් සහ පතොරම් තොගයක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අද (09) උදැසන බදුරලිය, ලකේපඳුර මංසන්ධිය ආසන්නයේදී මෙම සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සතුව පතොරම් 02ක් ලග තබා ගැනීම හේතුවෙන් අතර පසුව සිදුකළ වැඩිදුර විමර්ශන වලදී සැකකරුගේ නිවසේ සඟවා තිබු මෙම ගිනි අවි තොගය සොයා ගැනීමට කළුතර පොලිසියට හැකිවී තිබෙනවා.

මෙම පුද්ගලයාගේ නිවසේ තිබී සොයා ගනු ලැබූ අවි ආයුධ වන්නේ:

මිනි උෂි වර්ගයේ ගිනි අවි 01ක්, බෝර 12 ගිනි අවි 06ක්, 2.5 වර්ගයේ ගිනි අවියක්, දුනු විදින ගිනි අවියක්, කැති 01ක්, මන්නා 01ක්, පොරෝවක්, ටාගට් බෝර්ඩ් 02ක්, හක්ක පටස් 10ක් සහ පතොරම් 806ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 20ක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.